පළමු කොටස මෙතනින්
“එහෙනම්,
මම එන්න කලින් සල්ලි වලට රණ්ඩු වෙන්න එපා” යි හර්බර්ට් කිවේ කෑම මේසයෙන් නැගිටින
අතරතුරේදීය. “මට බයයි අපිට ඔයාව අතහරින්න වෙන තරමට, ඕක නිසා පහත් මිනිහෙක් වෙයි
කියලා”
ඔහුගේ මව
සිනාසෙමින් ඔහු සමග දොර වෙත ඇවිද ගොස් ඔහු පාර දිගේ ඇවිද යන අයුරු මදක් බලා සිට
නැවත කෑම මේසය වෙත ආවාය. තම ස්වාමියාගේ ඉක්මන් විශ්වාසවන්තභාවය පිළිබඳව ඇය සතුටු
වුවාය. මේ අතරතුරේ දොරට තට්ටු කල තැපැල්කාරයා වෙත ඇය දිව ගියේය. තැපැල් කාරයා ගෙන
ආවේ ටේලර් සාප්පුවෙන් එවපු බිල්පත බව දැනගත් විගස ඇය මේජර්වරයාගේ බේබදුකම් ගැන දෙස්
තබන්නට පටන් ගත්තීය.
“හර්බර්ට්
ගෙදර එනකොට, විහිලුවට ගන්න තව දේවල් එකතු වෙලයි තියෙන්නේ” වයිට් මහත්මිය කිවේ ඔවුන්
දෙපල රාත්‍රී ආහාරයට වාඩි වෙන අතරතුරදීය.
“කිව්වත් වගේ" වයිට් මහතා බිර වීදුරුවක් වත් කරගනිමින් පැවසුවේය. "ඔය මොනවා කිව්වත්, මගේ අතේ තිබ්බ අර දේ හෙලවුනා. මට දිව්රලා කියන්න පුළුවන්."
"ඔයා හිතන්නේ ඒක හෙල වුනා කියලද?" ඇය සන්සුන්ව ඇසුවාය.
"මම කියන්නේ හෙලවුනා කියලා" ඔහු පිළිතුරු දුන්නේය. "ඒ ගැන ආයේ හිතන්න දෙයක් නැහැ, මට ඒක....මොකක්ද ප්‍රශ්නේ දැන්?"
ඔහුගේ බිරිඳ කිසිවක් නොකීවාය. ගෙය ඉදිරිපිට එහෙ මෙහෙ කරක් ගසමින් සිටි අමුතු මිනිසෙක් දෙස ඇයගේ ඇස ගැටුණි. ඔහු කිසියම් අවිනිශ්චිත බවකින් යුතුව ගෙමිදුල දෙසට එබෙමින් සිටියේය. පවුම් දෙසීය පිළිබඳ මනසින් සිටි ඇය දුටුවේ ඔහු ජැන්ඩියට හැඳ සිටි අයුරුයි; අලුත්ම අලුත් සිල්ක් තොප්පියක්ද පැළඳ සිටි අයුරුයි. ඔහු තෙවරක්ම ගේට්ටුවෙන් ඇතුල්වීමට ගොස් ආපසු හැරුණේය. සිව්වෙනි වර ඔහු ගේට්ටුවට අත තබාගෙන බලා සිටියේය. හදිස්සියේම මතු වූ ධෛර්යයකින් ඔහු ගේට්ටුව විවර කර ගෙන ගෙමිදුල හරහා වැටී ඇති අඩි පාර දිගේ ඇවිද ආවේය. වයිට් මහත්මිය එම මොහෙතෙදීම සිය දෑත පිටුපසට ගෙන ගියේ එප්‍රනය තද කර ඇති පටි ලිහිමටයි. ඉන්පසු එය හිඳ සිටි පුටුව මත දමා, ඇය ද ඉදිරියට ගියාය. ඇය අසනීපයෙන් මෙන් සිටි අමුත්තාව කාමරයට කැඳවාගෙන ආවාය. ඔහු ඇය දෙස යටසින් බලා සිටියේය. අනතුරුව මහලු ගැහැනිය කාමරයේ අපිළිවෙල පිළිබඳව සහ තම ස්වාමියා හැඳ
සිටි ගෙවත්තට අඳින කබාය පිළිබඳව සමාව අයදින අයුරු අසා සිටියේ හුරුපුරුදු අයෙකු මෙනි. ඉන්පසු වයිට් මහත්මිය ඉවසිලිවන්තව බලා සිටියේ ආපු කාරණය ගැන ඔහු කතා කරන තුරුයි. නමුත් ඔහු අසාමාන්‍ය ලෙස නිහඬව සිටියේය.
"මට...කිව්වා කියන්න කියලා" යි අවසානයේ ඔහු තෙපළේය. ඉන්පසු ඉදිරියට නැමී ඔහුගේ කලිසමේ තිබූ නූල් කැබැල්ලක් අතින් පිස දැමුවේය. "මම ආවේ 'මෝ ඇන්ඩ් මෙගින්ස්' වලින්.
"මොකක් හරි ප්‍රශ්නයක්ද? අපේ හර්බර්ට්ට මොනවා හරි වෙලාද? මොකක්ද? මොකක්ද වුනේ? මහලු ගැහැණිය හුස්මක් නොගෙනම ඇසුවාය.
ඇයගේ ස්වාමියා මැදිහත් වුණේය. "ඔය..ඔය..අම්මේ... ඉඳගන්න ඉඳගන්න..බොරු නිගමන වලට බහින්න එපා"
ඔහු වේගයෙන් කිවේය.
"මහත්මයා, ඔයා ගෙනාවේ නරක ආරංචියක් නෙමෙයි කියලා මට විශ්වාසයි" ඔහු ඇසුවේ අමුත්තා දෙස හොඳින් බලමිනි.
"මට සමාවෙන්න..."
අමුත්තා පටන් ගත්තේය.
"එයාට තුවාල වෙලාද?" රළු ලෙස අම්මා ඇසුවාය.
අමුත්තා මදක් නැමුණේ අවසර ගන්නා විලාශයෙනි. "ගොඩක් තුවාලයි" ඔහු සෙමෙන් කිවේය. "ඒත් එයාට කිසිම වේදනාවක් නැහැ"
"දෙවියන්ට ස්තුති වේවා" මහලු ගැහැණිය කිවේ සිය දෙඅත් එකිනෙක තද කරගනිමිනි. "දෙවියන්ට ස්තුති වෙන්න ඕන ඒකට! දෙවියන්ට.."
අසුභ සිද්ධිය වසා දැමීමට කී සැනසිලි වදන් හමුවේ ඇය හඬා වැටුනාය. අනෙක් අයගේ මුහුණු තමා බිය වූ පරිදි වෙනස් වී තිබෙනු ඇය දුටුවාය. ඇය වෑයමින් හැඬිම නතර කර සිය නුගත් සැමියා දෙසට හැරී සිය වෙව්ලන දෑත් ඔහුගේ දෑත් මතින් තැබුවාය. ඉන්පසු දිගු නිහඬතාවයක් පැතිරී ගියේය.
"එයාව මැෂින් එකට අහු වුණා" අමුත්තා කිවේ සිහින් ස්වරයෙනි.
"මැෂින් එකට අහු වුණා" වයිට් මහතාද එය පුනරුච්චාරණය කලේ අදහාගත නොහැකි ස්වරයෙනි.
"ඔව්"
ඔහු ජනේලයෙන් එපිට ඔහේ බලා සිටිමින් සිය බිරිඳගේ අතක් ගෙන තම දෑතින් මිරිකීමට පටන් ගත්තේය. එය මීට අවුරුදු හතළිහකට පමණ පෙර ඔවුන්ගේ සොඳුරු කාලයේදී ද ඔහු මහත් ආසාවෙන් කල දෙයකි.
"අපිට හිටපු එකම එක්කෙනා එයයි. ඒක දරා ගන්න අමාරුයි" ඔහු කිවේ අමුත්තා දෙසට හෙමින් හැරෙමිනි.
අමුත්තා මදක් කැස්සේය. ඉන්පසු නැගිට ජනේලය වෙත සෙමින් පා නැගුවේය. "අපේ ආයතනය මා හරහා ඔවුන්ගේ සාතිශය සංවේගය ඔබ වෙත පල කර සිටිනවා" ඔහු කිවේ එහෙමෙහෙ නොබලමිනි. "මම ඔබගෙන් අයදලා ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලයි. මම ආයතනයේ සේවකයෙක් විතරයි. එයාලගේ තීරණ ක්‍රියාත්මක කරන එක විතරයි මම කරන්නේ"
ඊට කිසිම පිළිතුරක් නොලැබුණි. මහලු ගැහැනියගේ මුහුණ සුදු වී ඇත. ඇස් දෙක ඔහේ බලාගත් අතමය. ඈ තුලින් හුස්ම වැටෙන ශබ්ධයක් නොඇසේ. ඇයගේ සැමියාගේ මුහුණින් දිස් වූයේ තම යහළුවා වූ මේජර්වරයා ඔහුගේ පළමු කාර්ය ඉටු කළේය
වැනි බැල්මකි.
"මම කියන්න ගියේ 'මෝ ඇන්ඩ් මෙගින්ස්’ සිද්ධියේ කිසිම වගකීමක් බාරගන්නේ නැහැ කියලයි" අමුත්තා කිවේය. "එයාලා ඒකෙ කිසිම වගකීමක් බාර ගන්න සුදානම් නැහැ. ඒත් ඔයාගේ පුතාගේ සේවය අගය කරලා , ඔයාලට යම් මුදලක් ප්‍රදානය කරන්න තීරණය කරලා තියෙනවා"
වයිට් මහතා සිය බිරිඳගේ අත ගසා දමා නැගිට බිය මුසු බැල්මෙන් අමුත්තා දෙස බැලුවේය. ඔහුගේ වියැලි ගිය දෙතොල් 'කීයක්ද?' යන වචනය ලෙසට හැඩ ගැසුනේය.
"පවුම් දෙසීයක්"
ඔහුගේ බිරිඳ යටි උගුරෙන් කෑ ගැසූ අතර මහල්ලා අසිහියෙන් මෙන් සිනහාවෙමින් අන්ධයෙක් මෙන් අත් වනමින් සිට හැඟීමක් නැත්තෙකු මෙන් බිම ඉන්දුණේය.
XXXX XXXX XXXX XXXX
මයිල
දෙකක් පමණ දුරින් පිහිටි අලුතින් ඉදි කරන ලද විශාල කනත්තේදී, මහලු යුවල විසින් සිය
මල පුතනුවන්ව මිහිදන් කරන ලදී. ඔවුන් නැවත පැමිණියේ අඳුරින් සහ නිහඬතාවයෙන් පිරි නිවසකටයි.
සියල්ලක්ම සිදු වූයේ කිසිවක් හරියට අවබෝධ කර ගැනීමටත් පෙරය. ඔවුන්ගේ මහලු හදවත්
වලට සිදු වූ දෑ දරා ගැනීමට ඉතා අපහසුය. කිසියම් ශුභදායක දෙයක් සිදු වේයැයි
බලාපොරොත්තුවේ සෙවනැල්ලක් ඔවුන්ගේ හදවත් තුල පැන නැගී ඇත.
නමුත්
දින ගත වුණා පමණි. ඔවුන්ගේ බලාපොරොත්තුව පිලිබඳ අදහස් අත්හැරගනිමට තරම් කාලය ගත
වුණි. සමහර විටෙක ඔවුනොවුන් නොසැලකිල්ලෙන් කතා කලහ. ඇතැම් විටෙක ඔවුනොවුන් වචනයක්
පවා නොදොඩා සිටියහ. දැන් ඔවුන්ට කතා කිරීමට දෙයක් නැති සේය. එසේම ඔවුන්ගේ මහලු විය
ඉතා වෙහෙසකර එකක් වුවා සේය.
සතියකට
පමණ පසු එක් රාත්‍රියකදී හදිසියේම මහල්ලා නින්දෙන් අවදි විය. අත දිග හැර බලන විට ඔහු
කාමරයේ තනි වී ඇති බව වැටහුණි. කාමරය අඳුරේ ගිලි තිබුණි. යටපත් කරගැනීමට තැත් කරනා
වැලපීම් හඬක් ජනේලය දෙසින් ගලා ආවේය. ඔහු ඇඳෙන් මදක් ඉස්සි, සවන් දී ගෙන සිටියේය.
“මෙහෙ
එන්න” ඔහු මෘදු ලෙස පැවසුවේය. “ඔයාට හීතල අල්ලයි”
“මගේ
පුතාට හුඟක් හීතල ඇති” මහලු ගැහැණිය පවසමින් නැවතත් වැලපෙන්නට පටන් ගත්තීය.
“අත්
කෑල්ල!” ඇය හඬමින් කෑ ගැසුවාය. “වඳුරු අත් කෑල්ල!”
මහල්ලා
බිය වී නැගිට්ටේය. “කොහෙද? කොහෙද ඒක? මොකක්ද වුනේ?”
ඇය වැටි වැටි
ඔහු වෙත ඇවිද ආවාය. “මට ඒක ඕනේ” ඇය සෙමින් කීවාය. “ඔයා ඒක විනාශ කලේ නෑ නේද?”
“ඒක
සාලයේ තියෙන රාක්කය උඩ තියෙන්නේ, ඇයි?” පුදුම වී සිටි ඔහු කිවේය. “
ඇය
හැඬුමක් පිට කර සිනාසුණාය. ඉන්පසු මදක් නැමී ඔහුගේ කම්මුල සිප ගත්තාය.
“මට ඒ
ගැන නිකමට හිතුණා, ඇයි මට මිට කලින් ඒක හිතුනේ නැත්තේ? ඇයි ඔයා ඒ ගැන හිතුවේ
නැත්තේ? ඇය හුස්මක් නොගෙන කියවගෙන ගියාය.
“මොකක් ගැන
හිතන්නද?” ඔහු ප්‍රශ්ණ කළේය.
“ඉතිරි
වර දෙක ගැන” ඇය පිළිතුරු දුන්නේ වේගයෙනි. “අපි එක වරයයි ඉල්ලුවේ”
“ඉතින්
ඒක මදි නැද්ද?” ඔහු පරුෂ ලෙස ඇසුවේය.
“නැහැ,
අපි තව වරයක් ඉල්ලමු, ඉක්මණින් පහලට ගිහිල්ලා ඒක අරගෙන එන්න. අපි ඉල්ලමු අයෙමත්
අපේ පුතාට පණ එන්න කියලා” ඇය ජයග්‍රාහි ලෙස කීවාය.
මෙවර
මහලු මිනිසා ඇඳෙන් නැගිට පොරෝනය විසිකර දැම්මේය. “දෙයියනේ..ඔයාට නම් පිස්සු!” තැති
ගත් ඔහු කෑගැසුවේය.
“ඒක
ගේන්න; ඉක්මනට ගිහිල්ලා ගෙනැත් ඉල්ලන්න..අයියෝ මගේ පුතා..අයියෝ...” ඇය හති ලෑවේය.
ඇගේ
සැමියා ගිණි කුරක් ගසා ඉටිපන්දමක් පත්තු කළේය. “ආයෙමත් ඇඳට එන්න” චංචල හඬින් ඔහු
පැවසුවේය. “ඔයා දන්නේ නැහැ ඔයා මොනවද කියවන්නේ කියලා”
“අපි
ඉල්ලපු පලවෙනි වරය ඉෂ්ට වුණා. දෙවෙනි එකත් වෙන්න බැරිද?” මැහැල්ල උණ විකාරයෙන් මෙන් කීවාය.
“ඒක
අහම්බයක්” මහල්ලා ගොත ගැසුවේය.
“ගිහිල්ලා
ඒක අරගෙන ඉල්ලන්න” ඇය කිවේ ඇති වූ උද්යෝගය හේතුවෙන් වෙව්ලමිනි.
මහල්ලා
ඇය වෙත
හැරුණේය. වෙව්ලන ස්වරයෙන් මෙසේ ඇසුවේය.
"එයා මැරිලා දැන්
දින දහයක් පහු
වෙලා. ඒ හැරත්...වෙන
මොනවත් මට ඔයාට
කියන්න ඕන නැහැ.
ඒත් මට එයාව
අඳුරගන්න පුළුවන් වුනේ
ඇඳන් හිටපු ඇඳුම්
වලින්. ඒ වෙලාවෙත් එයාව දකින්න
එච්චර අපහසු නම්
දැන් කොහොම වෙයිද?"
"එයාව ආපහු
ගේන්න" මහලු ගැහැණිය
කෑ ගෑවේය. ඉන්පසු
ඔහුව දොර වෙත
තල්ලු කරගෙන ගියාය.
"ඔයා හිතනවද මම
හදපු වඩපු මගේම
දරුවට බය වෙයි
කියලා?"
ඔහු
ඝන අඳුරේම පහලට
බැස්සේය. අත පත
ගාමින් රාක්කය පිහිටා
තිබූ ගිනි උඳුන
දෙසට පිය මැන්නේය.
අත් කැබැල්ල තිබූ
තැනම තිබුණේය. බියජනක
සිතුවිල්ලක් හදිසියේම ඔහුගේ
මනසේ සක්මන් කරන්නට
විය. ඉල්ලීමට යන
වරයෙන් ඔහුගේ විරූප
වූ පුත්‍රයා ඔහු
ඉදිරියට පැමිණීමට පෙර
කාමරයෙන් පැන දිවීමට
ඔහුට හැකි වේවිද?
ඔහුට දොර වෙත
යන පාර වැරදී
ඇති බව වැටහුණු
විට හුස්මක් ඉහලට
ඇද්දේය. ඔහුගේ නළල
කඳුළු වලින් සිතල
වී තිබුණි. තමා
මේසය වටා ගමන්
කරන බව ඔහුට
වැටහුණි. පිළිකුල්සහගත අත්
කැබැල්ල අතැතිව බිත්තිය
දිගේ අතපත ගාමින්
කාමරයට පිවිසෙන මංතිරුවට ඔහු පිවිසුණේය.
ඔහු
කාමරයට ඇතුල් වෙන විට ඔහුගේ
බිරිඳගේ පවා මුහුණ
වෙනස් විය. එය
සුදුමැලි වී තිබු
අතර බලාපොරොත්තුවක සේයාවක්
ද එහි ඇඳී
තිබුණි. බිය වී
සිටි ඔහුට එය
අසාමාන්‍ය මුහුණක් සේ දිස්
විය. ඔහු සිය
බිරියට බය විය.
"ඉල්ලන්න" ඇය
ශක්තිමත් හඬින් කෑ
ගෑවාය.
"ඒක මහා
මෝඩ ඒ වගේම
දුෂ්ට වැඩක්" ඔහු
තැතනුවේය.
"ඉල්ලන්න" ඔහුගේ
බිරිඳ නැවතත් කීවාය.
ඔහු
සිය අත මදක්
ඔසවා "මම ඉල්ලනවා
මගේ පුතාට ආයෙමත්
පණ එන්න කියලා"
වඳුරු
අත බිමට වැටුණේය.
ඔහු ඊට ඉමහත්
බය වුණේය. ඉන්පසු
ඔහු පුටුවකට වැටුණු
අතර වයසක ගැහැණිය
ඇස් දල්වාගෙන ජනේලය
දෙසට ගොස් තිර
රෙද්ද මෑත් කලාය.
ඔහු
සීතලේ ගැහි ගැහි
පුටුවට වී, වරින්
වර මහලු ගැහැණිය
දෙස බැලු අතර
ඇය ජනේලය ලඟට
වී පිටත බලා
සිටියාය. දැල්වෙමින් තිබූ
ඉටිපන්දම එහි අවසානයට
ලඟා වෙමින් තිබුණේය.
චීනයේ නිෂ්පාදිත රඳවනයක්
මත ගසා තිබූ
එය එහි අග්ගිස්සේ ඇති
කුඩා ලෝහ බැරලය
තුලට බැස යමින්
තිබුනේය. ඉටිපන්දමෙන් ගැස්සී
ගැස්සී ආ ආලෝකය
සිලීම මතත් බිත්ති
මතත් චලනය වෙන
සෙවනැලි මවන්නට විය.
එක්වරම මදක් වැඩි
ආලෝකයක් පැන නැගී
එය අවසන් ගමන්
ගියේය. ඉල්ලු වරය
ඉටු නොවීම පිලිබඳව
වචනයෙන් කිව නොහැකි
තරමේ සහනයකින් යුතුව
මහලු මිනිසා ඇඳ
වෙත ගෑටුවේය. ඊට
මිනිත්තු දෙක තුනකට
පසු මහලු ගැහැනියද සෙමෙන් සෙමෙන්
ඇවිත් උදාසීනව ඔහුට
පසෙකින් ඇඳට ගොඩ
වූවාය.
දෙදෙනාගේම මුවින් වචනයකුදු පිට නොවූ
නමුත් ඔරලෝසුවෙන් පිට
වෙන ටික් ටික්
හඬට දෙදෙනාම සවන්
යොමු කරගෙන සිටියෝය.
තරප්පුවක් කිරි කිරි
ගෑවේය. බිත්තිය හරහා
හීන් හඬක් නංවමින්
මීයෙක් දිව ගියේය.
දරාගත නොහැකි තරමට
අඳුර ඝන විය.
මෙසේ ටික වෙලාවක්
වැතිර සිටි මහල්ලා
සිය ඉවසීමට පයින්
ගසා ගිණි පෙට්ටිය
ගෙන ගිනි කුරක්
ගැසුවේය. ඉන්පසු පහත
මාලයට ගියේ ඉටිපන්දමක් ගෙන ඒමටයි.
පඩිපෙළ
අවසන් භාගයේදී ගිනි
කූර නිවී ගියේය.
තවත් අඩියක් නොතබා
ඔහු හුන් තැනම
නැවතුණි. මේ මොහොතේම
ඉදිරිපස දොරට ඉතා
සෙමින් කවුදෝ තට්ටු
කරනු ඇසුණේය. එය
ඉතා ගුප්ත හඬක්
විය.
ඔහුගේ
අතින් ගිනි පෙට්ටිය
ගිලිහී ගිනි කූරු
තරප්පු පෙළ මත
විසිරි ගියේය. ගල්
ගැහුනාක් මෙන් ඔහු
හුන් තැනම සිටියේය.
තවත් තට්ටුවක් දොර
මත පතිත විය.
සැනෙකින් ආපසු හැරී
කාමරයට ගිය ඔහු
දොරද වසා දැමුවේය.
තුන්වන තට්ටුවේ හඬ
මුළු නිවස පුරා
පැතිරී ගියේය.
"මොකක්ද ඒ?"
මහලු ගැහැණිය කෑගැසුවාය.
"මීයෙක්" වෙව්ලන
හඬින් මහලු
මිනිසා කිවේය. " ඌ
මාව පඩි පෙලේදී
පහු කරගෙන ගියා"
ඔහුගේ
බිරිඳ ඇඳ මත වාඩි
වී ඇහුම්කන් දෙමින්
සිටියාය. මෙවර ඉතා
විශාල ශබ්ධයක් ඉදිරිපසින් ඇදී ආවේය.
"ඒ හර්බර්ට්...ඒ
හර්බර්ට්..." ඇය මොරදුන්නේය.
ඇය
දොර වෙත දිව
ගිය නමුත් ඇගේ
සැමියා ඇයට හරස්
වෙමින් සිට ගෙන
සිටියේය. ඔහු ඇගේ
අතින් තදින් අල්ලා
ගත්තේය.
"ඔයා මොනවද
කරන්න යන්නේ?" ඔහු
මිමුණුවේ ගොරෝසු හඬකිනි.
"ඒ මගේ
දරුවා, හර්බර්ට්! ඇය
හඬමින් දඟලන්නට පටන්
ගත්තේ හරියට යන්ත්‍රයක් පනගැන්නු වූ ලෙසයි. "මට අමතක
වුණා ඒක හැතැප්ම
දෙකක දුරක් කියලා.
ඇයි මාව අල්ලගෙන
ඉන්නේ? අතාරින්න. මම
දොර අරින්න ඕන."
"දෙයියන්ගේ නාමෙන්
ඒකට ඇතුලට එන්න
දෙන්න එපා" ඔහු
වෙව්ලමින් කෑගැසුවේය.
"ඔයා බය
වෙලා තියෙන්නේ ඔයාගෙම
පුතාටයි" ඇයද කෑගසමින් පොරබදන්නට වූවාය.
"මට යන්න දෙන්න.
මම එනවා හර්බර්ට්..මම
එනවා"
වැරෙන් දොරට තවත්
තට්ටුවක් දෙකක් වැදුණි.
මහලු ගැහැණිය හදිසියේම මතු වූ
ගැම්මකින් මහලු මිනිසාව
තල්ලු කර ඔහුගේ
ග්‍රහණයෙන් මිදී කාමරයෙන් පැනගත්තාය. ඔහු
බිම ඇද වැටුණු
අතර පහත මාලයට
දුවමින් සිටි ඇයට
කෑගැසුවේය. දොරට දමා
තිබූ පහල ගාන්චුව
ඉවත් වී යන
හඬත් සොකට්ටුවෙන් බෝල්ට්
එක මෑත් වෙන
හඬත් ඔහුට ඇසුණේය.
"උඩ බෝල්ට්
එක" හතිලමින් ඇය
මොර දුන්නාය. "පල්ලෙහාට එන්න, මට
ඒකට උස නැහැ.
ඒක අරින්න බැහැ"
නමුත්
ඇගේ සැමියා බිම
දණ ගාමින් සිටියේ
පිටත ඇති දෙය
ගෙතුලට ඒමට පෙර
අත් කැබැල්ල සොයාගැනීමේ අරමුණෙනි. වෙඩිමුර
මෙන් දොරට තඩිබාන
හඬවල් නිවස පුරා
දෝංකාර දුනි. ඔහුගේ
බිරිඳ පුටුවක් ඇදගෙන
යන ශබ්ධය ඔහුට
ඇසුණේය. කිරි කිරි
හඬක් නංවමින් බෝල්ට්
එක සෙමින් ඇරෙන
හඬක් ඉන්පසු ගලා
ආවේය. මෙවෙලේම ඔහුට
වඳුරු අත සම්භ
විය. උමතුවෙන් මෙන්
ඔහු සිය තෙවන
සහ අවසන් වරය
වචනයට නැගුවේය.
එකවරම
දොරට තඩිබාන හඬ
නැවතුණ නමුත් එහි
දෝංකාරය තවමත් නිවස
තුල රැව්දෙමින් පැවතුනි.
පුටුව පස්සට ඇද
දොර අරින හඬ
ඔහුට ඇසුණේය. පඩිපෙළ
හරහා සීත සුළඟක්
ඉහල මාලයට ඇදී එනවාත්
සමගම ඔහුගේ බිරිඳ
කෑගැසුවේ අපේක්ශාභංග වූ
දුක්මුසු හඬකිනි. එමගින්
ධෛර්යයට පත් වූ
ඔහු පහලට දිව
ගියේය. ඉන්පසු දොර
අසල සිටි සිය
බිරිඳ වෙත දිව
ගිය ඔහු අනතුරුව
ඉදිරියේ වූ ගේට්ටුව
අසලට දිව ගියේය.
ගැහි ගැහි පත්තු
වෙමින් තිබූ
විදී ලාම්පු ආලෝකයෙන් නිහඬතාවයේ
ගිලි තිබූ හිස් වීදිය පමණක් දක්නට තිබුණි.
එංගලන්ත
ජාතික ඩබ්. ඩබ්. ජේකබ්ස් විසින් 1902 දී රචිත
The Monkey’s Paw කෙටිකතාවේ පරිවර්තනයකි.
ඩබ්. ඩබ්. ජේකබ්ස් |
අගෙයි පොඩ්ඩේ.................... අගෙයි
ReplyDeleteබොහොම ස්තුතියි!
Delete